Daiwaye歌词由Sahan Liyanage&Samudi Virasha演唱,出自专辑《Daiwaye》,下面是《Daiwaye》完整版歌词!
Daiwaye歌词完整版
දහසක් රිදවුම් දේ මතකය මැවි මැවි හද පතුලේ
නොදැනිම කිමදෝ මේ තරමට අපි අපිවෙත බැඳුනේ
මා ළං කළේ ඇයි තව ඒ ආදරේ
මේ දෛවයේ හිමිකම වාවන් මෙසේ
කලු වෙලා අහස රලු වෙලා සුළඟ කැළඹිලා හමනවා
හිත හඬනවා දුරක ඔබ තියා අහසෙ තරු දිහා බල බලා
මා නොදකින හීනේ තතු අද කියමින් ඉඟි කරලා
ඈ යනවද සසරේ හිමිකම් නැති බව මට කියලා
මා ළං කළේ ඇයි තව ඒ ආදරේ
මේ දෛවයේ හිමිකම වාවන් මෙසේ
ඔබ මගේ නොවන මගෙමදෝ වරද යලි යලිත් හිතනවා
එන මතුභවේ මගෙම වෙනුමැනේ මටම හිමිවෙලා පතනවා
මා ලද සැනසුම් නෑ අද ළඟ හදවත කැලඹීලා
ආයෙම ඇවිදින් හෝ යනවද මොහොතක් සනසාලා
මා ළං කළේ ඇයි තව ඒ ආදරේ
මේ දෛවයේ හිමිකම වාවන් මෙසේ
මා ළං කළේ ඇයි තව ඒ ආදරේ
මේ දෛවයේ හිමිකම වාවන් මෙසේ.