Yashodara Kavi - Pun Sanda Eliya歌词由Dilusha Lakmal&Samindri Chathushka&Pathum Darshana演唱,出自专辑《Yashodara Kavi - Pun Sanda Eliya》,下面是《Yashodara Kavi - Pun Sanda Eliya》完整版歌词!
Yashodara Kavi - Pun Sanda Eliya歌词完整版
පුන්සඳ එළිය වැටිලා සිරි යහන මත
තනිවම නෙවෙයි හිටියේ මම පුතා ලඟ
තව මොහොතකින් ඔබ අප හැර යන පුවත
දැනුනත් දුන්නෙ නෑ හිත ඔබ නවතන්න
මවක් වගේ නුඹ අසලම මා රැදිලා
සයුරක් වගේ සෙනෙහස නුඹ හට පුදලා
නුඹටත් වඩා නුඹහට ආලය කරලා
හදවත නතර උනි නුඹ ගිය දා ඉඳලා
මතකද වංක ගිරියට ගිය ඒ භවය
දරුවන් සමඟ නුඹ පසුපස ආවා මම
ඒ භවයේ මගෙන් වරදක් උනාවද
ඒකද ගියේ මහ වනයට තනිව අද
පුන්සඳ පවා පරදන නුබෙ ගත සිසිල
මානෙල් පවා පරදන නුබෙ ගත සුවඳ
හිරු රැස් පවා පරදන නුබෙ පිං සිරුර
තාමත් මගේ ලඟ මගෙ සිත නුබ ගාව
නුබෙ බුදු බව පතා දවසක් දන් දුන්න
කැවුමක් උදුරගෙන කෑවා මතකයිද
ඒ තරහින් පබා වී මා යලි ඉපිද
දුන් දුක් වලට රිදෙනවා මගෙ හිත තාම
මේ සයනයේ අයිතිය ගත් දා ඉඳලා
නුඹෙ උණුහුමේ ගුලි වී ඉන්නට පැතුවා
පිංවත මගේ පැතුමට වැඩියෙන් වැඩිලා
ඇත සෙනෙහසක් ලොවුතුරු සුවයට බැඳිලා
මේ මාළිගය දෙදරන්නට හඬනකොට
රාහුල නුඹේ ලේ කැටියා නිඳනකොට
කිරි සුවඳින් අපේ කුටියම පිරෙනකොට
අත්හැර ගියේ ලොව්තුරු බව ලබන්නට
මේ සංසාර ගමනේ මා නුඹ හින්දා
අපමන වේදනාවන් නිරතුරු වින්දා
අද අද පැමින පෙරලා නුඹ මා සොයලා
නවතනු මැන සසර මගෙ බුදු බන කියලා
ශෝකය පිරුණු මේ මහපොලවෙ ඉඳලා
දැන් දැන් මගේ හිත ඇත හොඳටම රිදිලා
බුදු බව ලබන් නුඹ අද අද එයි කියලා
මගෙ ඇස් විඩාබර වී ඇත මග බලලා
රූමත් උඩගු නොවෙනා නුබෙ සීදේවී
මුදිතා ගුණෙන් පරිතාගය පෑ දේවී
සිතකය වචන සංවර කරගත් දේවී
මම වෙමි හිමියනේ ඒ බිම්බා දේවී