Yashodara Kavi - Esapun Pohoya Dina歌词由Dilusha Lakmal&Gayuni Dulvini Vinradha&Pathum Darshana演唱,出自专辑《Yashodara Kavi - Esapun Pohoya Dina》,下面是《Yashodara Kavi - Esapun Pohoya Dina》完整版歌词!
Yashodara Kavi - Esapun Pohoya Dina歌词完整版
ඇසපුන් පොහොය දින කුස පිලිසිඳගත් දා
ඉඳලා නුබ නමින් මා බඹසර රැක්කා
පිරිනිවනට යන්න අරහත් ඵල ලබලා
අවසර දෙන්න දහසක් දේ ඇත පෙනිලා
භද්‍රා දේවි වී භවයක නුඹ එක්ක
හත්සිය වසක් රැක්කා බඹසර සීල
කිසිදා ඇති උනේ නෑ රාගයෙ ගින්න
දුන්නා පාරමී පිරුමට අනුබලය
එදා නුඹව තනිකර පොඩි පුතා ලඟ
ගියා තපස් රැකුමට මහ වනයකට
නය නෑ හිමියනේ රාහුල පුතා අප
හැදුවා තනිව සසුනට ඔබේ පුදන්නට
තරහා සිතක් නැති ධර්මය රකින භවේ
අන්තඃපුරයකට ඇදගෙන යන මොහොතේ
දෙනෙත් පියාගෙන නිතැතින් මා පැතුවේ
තරහක් ඇතිනොවේවා හිමි නුබගෙ සිතේ
මතකද ඔබට තව දවසක් දන් දෙන්න
දෙයක් නැතිව තණකොල කපලා වික්ක
අහරක් නැතිව සත් දවසක් දුක් වින්ද
භවයක් පෙනෙනවා හිමියනි මගෙ නෙතට
සක් දෙවිඳුගේ සිහසුන මට එපා කියා
සම්බුදු පදවියයි මගෙ මේ පැතුම කියා
නුඹ කියනා විටදි කිසිවක් නොකියා
කුසගින්නේම දන් උයලා පූජ කලා
උපදින උපදිනා හැම භවයකම ළඟ
රැඳුණා නුඹ අසලම මම දෙමින් පෙම
ගෙවෙනා මොහොතක්ම තිබුණේ එකම සිත
ලොව්තුරු බුදුන් වන්නට හැකි වේවි හෙට
බුදු වන තුරා නුබගෙ අසලම රැඳුනු
මුළු හදවතින් නුඹහට ආලය කරපු
ගෞතම නුබේ සසුනේ කෙලෙසුන් නසපු
යශෝධරා මම අරහත් ඵල ලබපු