Kurahan Yaaya歌词由Pamith Mandiv&Janitha Sathsara&Mayomi Bandaranayaka演唱,出自专辑《Kurahan Yaaya》,下面是《Kurahan Yaaya》完整版歌词!
Kurahan Yaaya歌词完整版
කුරහන් යාය රන් පාටින් දිලෙනවද
පුන්සඳ රෑට නුඹෙ තනිකම මකනවද
රටා පැදුරෙ නින්දෙදි සුව දැනෙනවද
තාමත් මාව හීනෙන් සිහි කරනවද
කුරහන් මලක මල් සුවදේ සුවඳ දිගේ
නෑඹුල් සිතක පෙම් සුවඳයි මට දැනුනේ
කුල මල අපේ දීගෙට වැට බැදපු දිනේ
අමතක කළේ රන් කඳ නුඹ සිතින් නොවේ
කුරහන් යාය සිප එන සුළඟට එතිලා
නුඹෙ ගී හඬයි එන්නේ සීතල මකලා
පුන්සඳ මගේ පැල්කොටයට ගොඩ වීලා
රන් කඳ නුඹේ රුව සිහියට ගෙන එනවා
කුරහන් යාය රන් පාටින් බබළනවා
පුන්සඳ මගේ තනියට තාමත් එනවා
රටා පැදුරෙ නින්දෙදි නුඹ සිහිවෙනවා
නගා නුඹව මතු භවයක හමුවෙනවා