Yashodara Kavi - Pinbara Wesak Sanda歌词由Dilusha Lakmal&Sakuni Ishara&Pathum Darshana演唱,出自专辑《Yashodara Kavi - Pinbara Wesak Sanda》,下面是《Yashodara Kavi - Pinbara Wesak Sanda》完整版歌词!
Yashodara Kavi - Pinbara Wesak Sanda歌词完整版
පිංබර වෙසක් සඳ පායා දෙව්දහට
මහ වැසි ඇද හැලුනි කම්පා වෙලා ලොව
නුබ ඉපදෙනා මොහොතේ මා ඉපදෙන්න
සසරේ කරපු පින මහ මෙරකට වැඩිය
දීපංකර බුදුන් සමයේ මුල් වරට
නුඹ දකිනා විටදි දැනුනා තුන් හිතට
මානෙල් පුදා විවරන ගත් එදා සිට
ආවා පසුපසින් බුදුවන තුරාවට
හිමවත් පව්ව සිපගෙන එන රෝහිනිය
දෙපසක ඉපදුනා බල බල රූ සිරිය
නුඹ හට පිදුව පෙම මහ මෙරකට වැඩිය
ඒ පෙම කඳුළු විය දැන් එය බර වැඩිය
අටලොස් වැදෑරුම් ගුණ නුඹ හොයන විට
මුළු හදවතින් ආලය කෙරුවා නුඹට
දන්නා නමුත් දිනයක හැර යන පුවත
දුන්නා සියලු සැප සැනසුම් අඩු නොකර
මොර සූරනා වැස්සට නුඹ තෙමෙනවද
මිරි වැඩි නැතිව සිරිපා යුග රිදෙනවද
මහ රෑ වන සතුන් කරදර කරනවද
එලිවෙන තුරා ලොවුතුරු සුව සොයනවද
අත්හැර දැමූ පසු ගිහි ගෙයි සැප වින්ද
මට කුමකටද මාළිගයේ සුව නින්ද
මගෙ හිමි සඳුනි පුන්සද නුබ මගෙ ලොවට
නුබෙ සුවදමයි මේ ලොව මට ඇති සතුට
නේරංජනා ගං තෙර හිස මුඩු කරලා
සැනසුම සොයා කහවත් සිරුරේ පොරවා
සීතල සුලං පින්නේ දහ දුක් විදලා
ගෞතම බුදුන් ඇත ලොව්තුරු සුව ලබලා
පැතුවේ නුඹෙ පැතුමන් හැම ඉටුවෙන්න
අදටත් කිලිටි නෑ මගෙ හිත නුඹ ගාව
නුඹ අත්හැරිය හැමදේවල් අත්හැරිය
යශෝධරා මම පතිභක්තිය රැක්ක