Asammatha歌词由Nima Beat演唱,出自专辑《Asammatha》,下面是《Asammatha》完整版歌词!
Asammatha歌词完整版
අදුරේ මතකේ සිතුවම් මැවිලා
ඇයගේ ප්‍රේමෙන් දැන් මා වෙලිලා
සද මෙන් ප්‍රේමී නුඹට ආයාචනා
කරමී ඔබගේ සිත මා රිදවා....
වසර දෙකකි අපෙ ආදර කතාවට
කුලී කාමරෙක හමුවුනු අවසන් වතාවට
නුඹෙ හිත කැඩෙන්නැති නේද දෙවනි වතාවට
සමාවෙන්න කෙල්ලෙ යදින්නට ගිය පමාවට
(කමාවට)
විශ්වාසෙ නෑ අපි අතරේ
මම හිරවෙලා ආදරේ නම් කතරේ
නුබෙ හිත පුරා දුක් ගිනි වෛරය පැතිරේ
සවන් දෙන්න අදහන්න බැරි කතාවක් මෙ මිතුරේ
මම එද්දි නුඹ දුකින් පසු තැවෙනවා
හිතාගන්න බැරුව නුඹ දිහා මං හැරෙනවා
යහන කොනක හේතුව තියෙනවා
ඇගෙයි මගෙයි වග තුග ගැන ඇය දකිනවා
දුටු ගමන් ඇස් මගෙ උඩ ගියෙ විගසින්
මගෙ අසම්මත පෙම ගැන මම සිතමින්
පහදන්න හැදුවත් මං බොරු තව ගොතමින්
බැලූ අත බලා ඇය හිදී කල් කිරමින්
" ඇයි මැනික උඹ මෙහෙම කරේ "
ඇය පැවසුයේ කදුලැලි සලමින් මගෙ උරේ
වචන ගොලු වෙලා කතා කරන්න මං පොරේ
අසම්මත පෙමක පැටලී මම අද හිරේ
සමාවෙන්න කෙල්ලෙ නුසුදුසුයි මට සමාව
පරවුන රෝස මලක් වගේ කෝ උබෙ හිනාව
වෙර දරන්නෙමි ආදරේ දෙන්න මනාව
නවතමි අසම්මතෙ හිටපු ඒ කෙනාව
ඔව් බං මෙ මම තමයි වැරදී.....
දෙන්නෙක් නිසා අද වෙද්දි ආදරයෙන් පැරදී
නැවතී......
ඒ යුවතී මා හට වෛර කරයි හොදටෝම
ආලෙ නිසා පැවතී......
හිත් පොඩි කර කෙරුවෙම මම පවක්
ගලවලා දැම්මෙ විශ අධික වු හැවක්
පදවන්න හිතන් මම බාරගත්තෙ ලොකු නැවක්
දෙන්නෙක් පැටලුනා මම දාපු නිසා රස ඇමක්
කෙසේ මම අමතක කර ඉන්නෙ ඒ කෙල්ල
මොනවා වුනත් මගෙ ලග ඉද්දි වෙන්නෙ
මෙල්ල
පව් මම නැති කල ඉන්නට බැහැ කිය කිය
ඉකි ගසයි හිත ඇගෙ තනි කෙලින් එල්ල
හිතවත් කම් නොදැනිම දුර ගිහිල්ලා යන එන පාරක් ගැන නැහැ දන්නේ
කොහෙ ගියත් යුවතියන් දෙදෙනා මම විත් ඇමතුම එනකල් මග රැක ඉන්නේ
කුමක් වූවත් මගෙ හිත නම් කවදත් නැහැ මට සමාව හට නම් ඉඩ දෙන්නේ
මතක තවම ඒ රූපය මවනවා නැහැ රැය කවදකවත් සුභ වෙන්නේ
දුන් පොරොන්දු සියල්ල අද කඩවී නුඹෙ සිත මම පාරවා ඇත්තේ
එක එකා ගානෙ මගෙ හිත ඔහෙ නැහැනවා
උබ ඒත් නැහෙන්නෙ මම මත්තේ
හිත ඇගෙ පැත්තේ - නැහැ පිලිගත්තේ
ඔයා මුලින් මගෙ කිව්ව වචන පණ නැත්තේ
අවසන් කරන්න කාලෙ හරි කෙල්ලෙ
මගෙ මරනය එල්ලී ගහ මුදුනත්තේ....