Gini Hadun Kumari (Explicit)歌词由Malith Hansaka演唱,出自专辑《Gini Hadun Kumari (Explicit)》,下面是《Gini Hadun Kumari (Explicit)》完整版歌词!
Gini Hadun Kumari (Explicit)歌词完整版
ගිනි හඳුන් කුමාරී - එබිකමින් බලාවී
උහුලන්නට බැරි තරම් ගින්දරක් දෙන්ට එපා...
එහෙ මෙහෙන් මුවාවී - සෝබනෙන් සිනාසී
යළි දෙන්නට බැරි තරම් මගෙ හිත ගන්ට එපා...
දික්කඳ වලව්වෙ මායිම ගලවන්ට එපා...
මගෙ මූණ මුඩිච්චිය ලඟ බිම බැලුනට හනිකේ...
ඔය ආලවන්ත දෑහට හිත ලෝබයි මැණිකේ...
හිතුවාට බඳින්නට උඹ කරකාර වලව්වේ...
අන්තිමට උඹව දැක්කේ උඹගේම ඉලව්වේ...
පෙම් හබ සැලවී ආරච්චිගෙ තොන්ඩු වළල්ලේ...
හිරවුණු රෑ උඹ පණ නල හැරියාද නිදැල්ලේ...
මට පේන ඉසව්වෙම හිඳ
මහ පරපුර වනසා...
භව ගානෙ රැඳිල ඒ ලඟ
උඹ කෝපය නොනසා...
සනසාල මුදන්නයි මම
නිති ආවෙ නිනව්වේ...
තනි නොකර රැගෙන යන්නයි සංසාර දනව්වේ...
අත්...හැර සැරසී මා පින් ගෙන යනුව අනන්තේ...
සඳ..ගිර පානක සසරෙදි හිමි වේවි නිමන්තේ...