Yashodara Kavi - Ramba Gaha Nuwara歌词由Dilusha Lakmal&Samindri Chathushka&Pathum Darshana演唱,出自专辑《Yashodara Kavi - Ramba Gaha Nuwara》,下面是《Yashodara Kavi - Ramba Gaha Nuwara》完整版歌词!
Yashodara Kavi - Ramba Gaha Nuwara歌词完整版
රඹගහ නුවර මා ඉන්න විට එකල
පිංකද හමු උනා පුරවන ගොහොරු වල
විවරන ලැබූ මා නුඹෙ පතිනිය වෙන්න
රාහුල මාතාව මම තුන් ලොව දන්න
සඳකිදුරන් වෙලා බරනැස අපි දෙන්නා
ඉන්නා විටදි නුඹහට හීයෙන් ඇන්නා
මුළු වනයේම මල් හැලෙනා තුරු හඬලා
මතකද හිමියනේ පන අරගෙන දුන්නා
සූවිසි බුදුන්ගෙන් විවරණ ගන්න විට
මතකද දුන්න දන් විවරණ ලබන්නට
සම්බුදු පැතුම වෙනුවෙන් නුඹෙ තුන් ලොවට
රෑ නිදිවරා පිලියෙල කර දුනි නුඹට
මේ සංසාර ගමනේ මා නුඹ හින්දා
පත්වත බලෙන් තව දවසක් පන ගත්තා
මතකද හිමියනේ හොරකමකට ගත් දා
කඩු පාරින් නුබේ හිස බේරා ගත්තා
සක්දෙවියන්ව ගෙන්නා මේ මිහිමතට
පන දුන් වාර මට මතකයි කියන්නට
ඒ හැම භවයකම මා නුඹවම රැක්ක
පේනවා අසංකෙයියක් ජීවිත මෙමට
සීතා වෙලා නුඹ රාමා උන භවයේ
රැක්කා උතුම් බඹසර ඒ මහ වනයේ
දුන් ලද දෙයින් සැනසුනි මම හැම භවයේ
නුඹගෙන් කිසිත් ඉල්ලා නෑ කිසි දිනයේ
එදා නුඹව තනිකර පොඩි පුතා ලඟ
ගියා තපස් රැකුමට මහ වනයකට
නය නෑ හිමියනේ රාහුල පුතා අප
හැදුවා තනිව සසුනට ඔබේ පුදන්නට
ලේන කුලේ මතකද හිමි සඳ නුඹට
පැටියා එක්ක වැටුනා මහ මුහුදකට
වලිගෙන් මුහුද සිදවන්නට හැදු නුඹට
සම්මා සම්බුද්ධ පදවිය පැතුවා මම