Alawanthi歌词由Heshan Sathruwan&Madhuka Kulasinghe演唱,出自专辑《Alawanthi》,下面是《Alawanthi》完整版歌词!
Alawanthi歌词完整版
නිසොල්මන් නෙතු අයාලේ මැකී යන්නේ කෙසේ හැරදා මගෙන් මිදිලා
වෙලී මා නෙතු මුලාවේ සොයා යන්නේ ඔබේ රූ රටා මැවූ ඒ සිනා
සුසුමේ නැවතී හැඟුමන් නැවතී
සිහිනේ මැකුණා
හර්දේ මියුනා
ආලවන්තී හීනෙට ආ කින්නරාවී
මතකය මා පාරවන්නී නිම් නැති මේ රෑ
ස්නේහවන්තී කතාවක් මට දුන් ප්‍රියාවී
ආයෙමත් ඔබ හමු නොවේවී......තනිය මට තනි නෑ
නිකැලැල් ආදරයක් මා හදෙහී පටලා
හසරැල් මුවගින් පෑ ඔබ කඳුලක් තියලා
සිතිජේ වන් නිම් නැති නිමාවක් ඇඳලා
මනසේ ඇත නුඹෙ ඉඳුනිල් දෙනුවන් රැඳිලා
ලියු ඒ කවි පද වැල් පුරා
ගෙතුවේ ඔබ ගැන වර්ණනා
සිහිවුනා හීන ඔබ ගෙනා.....
සිත ඇඳි සිත්තමේ පවා
ඔබ ගැන මැවු ඒ චේතනා
වෙන්වෙලා නැත නිමා
ආලවන්තී හීනෙට ආ කින්නරාවී
මතකය මා පාරවන්නී නිම් නැති මේ රෑ
ස්නේහවන්තී කතාවක් මට දුන් ප්‍රියාවී
ආයෙමත් ඔබ හමු නොවේවී......කිසිදා..
ආලවන්තී ....