Dewaganak歌词由Venu Lfdy&Feysics演唱,出自专辑《Dewaganak》,下面是《Dewaganak》完整版歌词!
Dewaganak歌词完整版
සිත තුලම පොදි බැඳුන කාරනා
නෙතු නොයන මානෙදිම සේදුනා මං දුටු හීන
හීනමයි හිතෙන් තාම මං
අසන්නේ එක පැනයයි
නුඹ තාම ඇයි පාමා
වේදනා මැදින් තාම නුඹ සොයන්
යාවි තව දුර නෑ හිතට විඩාපත්
නොවේ සිත මේ බැඳී සිතුවිලි අතරේ
නැවතුනු රුවක් සොයන් මමත් සැරිසරමින්
මං මත් වෙලාද මේ රාගයෙන්
තවත් නෑ මිදෙන්න ආස ඔය රූපයෙන්
කෙදින අවදි වන්නද මං මේ හීනයෙන්
මුලාවක් බවක් දැනත් තවත් ඉන්නෙ ආලයෙන්
නැවතුම් නැති මගක සොයාන සීරුවෙන්
චායාවක් පෙනුන කල ආදරෙ වියරුවෙන්
කලතයි නිසල සිත නුඹ දැන් කාමයෙන්
මේ රැය ගෙවන්න ඕනම අපි ආලයෙන්
නැවත කිසි දිනෙක නොවේවි සිත මෙලෙස බැඳෙන්නෙ
කෙලෙසද රුවකට
අවතැන් ලෙසින් සොයමින් පෙමට සෙවණක් නොහඳුනන නවාතැනක
නුඹත් භාවනවක් නොවෙද මේ හිත එක්තැන් නම් දුටු කල නුඹෙ රුව
අඩවන් දෙනෙත් මවයි කතා හැමදාමත් නොදැකපු තැන් වල
මං නුඹෙන් දුටු දේ
මේ හිත කීව දේ
සැනසුම ම පසුතැවිම් වෙලා අද මේ
අපෙ හිත් බැඳුනු දේවල්
ඉරණම ම වේනම්
ඇයි අපි අද දෙතැනක ඉන්නේ මෙලෙසේ
දෙවඟනක් බඳු රුවක්
ඉමක් කොනක් නැති පෙමක්
හැඟුමකින් හුදු පමණක්ම විඳියි මමත් සුවක්
නා දෙතොල් මත තවත්
වරු ගානක් ඉන්නම් බලන්
සුව විඳින්නම් මං නෙත් යුග බලන් තව රැයක්
හංස පුඩු නුඹේ සියුම් මන කළඹන ශ්රියා
දෙනෙතත් කියයි සරාගී රහසක් කල් තියා
ඉඟි කරන මායම් අසරණ කරයි මෙමා
වශියක් නෙමේ මේ හිත සින්න කරන්ම ගියා
ආදරේ ළඟ දුර්වලයි මේ මෙලෙක් මිනිස් සිත
කාමය හුදෙක් තනිකමට මායාවක්ම විය
කොතෙක් පෙම් බස් දෙඩුවත් මේ දෙය ස්තිර
ලොවෙන්ම තේරුම් ගත නොහැකි දේමයි ස්ත්රිය
ඒවි දමන් හැට හතරක් මේ නොයෙක් නොයෙක් මායම්
හිත තුළින් දෙයක් තියන් පිටින් තව දේවල් පෙන්නන්
ඇයත් එසේයි නෑ වෙනසක් මං සිතු දේවල් මිසක්
ආදරෙයි මේ කතාවෙ අවසානෙ නිමි තිතක්